තිස්ස විහාරය : ජාතිවාදීන් වන්නේ ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් හා ඔහුගේ සියා හා පියා මිස – සිංහලයන් නොවේ

තිස්ස විහාරය : ජාතිවාදීන් වන්නේ ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් හා ඔහුගේ සියා හා පියා මිස – සිංහලයන් නොවේ

 

ගජෙන්ද්‍රකුමර් පොන්නම්බලම් යනු ජි ජි පොන්නම්බලම්ගේ (G G Ponnambalam) මුනුබුරාය, කුමාර් පොන්නම්බලම්ගේ (Kumar Ponnambalam) පුතාය.

සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය අගෝස්තු 29, 1944 පිහිටවන ලදී. නිදහස දීමට පෙර 50-50 ඉල්ලු ජි ජි පොන්නම්බලම්, එය බ්‍රිතාන්‍යසෝල්බරි කොමිසම (Soulbury Commission) ප්‍රතික්ෂේප කරන ලදී.

18% නියෝජනය කරන දෙමල ජනතාවට 50% අයිතිවාසිකම් දිය නොහැක ලෙසයි.

දෙමල ත්‍රස්තවාදීන් 1988 මාලදිවයිනට (Maldives) කඩාවදී එරට බලය අත්පත් කිරීමට තැත් කල විට මොහුගේ පියා ඒ පුවත දැනගත්විගසම “අපිටම කියා දෙමල රාජ්‍යක් ලැබූ බව” ප්‍රීතියෙන් ප්‍රකාශ කල බව එවකට මාධ්‍යයේ ප්‍රසිද්ධ විය.

මොහුගේ පක්ෂය දෙමළ ජාතික ජනතා පෙරමුණ (Tamil National People’s Front) ආධාරකරුවන් හා වෙනත් ආධාරකරුවන් සමග ඇවිත්නදුන්කෙර්නි වද්දමාන පබ්බත විහාරය විනාස කොට ශිව ලිංගයක් තැන්පත් කල පක්ෂයකි.

තිස්ස රජ මහා විහාරට අයත් ඉඩම් මීට වඩා විශාල වශයෙන් තිබිය යුතු අතර, බ්‍රිතාන්‍යන් විසින් උවමනාවෙන්ම උතුරේ යාපනයේබෞද්ධ සිද්ධස්ථාන විනාස කොට හින්දු කෝවිල් 300 පමණ සැදීමේදී හා මුලුන් මලබාර්වරුන් (Malabars from India) ලෙස හැදින්වූඋදවියට මෙම ඉඩම් ලබා දී නමුත්, 1956 දී මිනින්දෝරු දෙපාර්ත්තමේන්තුවේ අගලේ සිතියමේ අනුව මෙම විහාරයට අක්කර 20 පමණක්තිබු බව පැහැදිලිය.

1958 ජාතිවාදී දෙමල අන්තවාදීන් විසින් සිංහල ජනතාව පලවා හරිම නිසා එම විහාර වනගත වී ඇත.

කෙසේ වෙතත් 1971 නගර සැලැස්ම (Town Plan) අනුව එහි අත්හරින ලද පන්සල හැටියට අක්කර 14, පෙර්චස් 5.79 ප්‍රමාණයක් තිස්සවිහරට තිබු බව තහවරු වී ඇත.

මේ සම්බන්දව 2024 මිනින්දෝරු දෙපාර්තුමේන්තුව කරන ලද මැනීම් වලදී මෙම විහාරයට අයත් අක්කර 14 නැවත තහවරු කර ඇත.

පුද්ගලික ඉඩම් යයි පවසන ලද කිහිපදෙනකුගේ ඔප්පු – ප්‍රකාශන ඔප්පු වේ – ඒවා නීත්‍යානුකුල නොවන අතර – ඒවා හොර ඔප්පු ලෙසඅපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මගින් පරීක්ෂණ කොට මෙම හොර ඔප්පු ලිවීම පිළිබද නීතිමය පියවර ගත යුතුය.

මෙම ඉඩම් මංකොල්ල හොර ඔප්පු මගින් උතුර හා නැගෙනහිර රාජ්‍ය ඉඩම් හා විහාරස්ථාන, හා අතීත සිංහලයන්ට තිබු ඉඩම් මෙසේහොර ඔප්පු ලියමින් මන්කොල්ලට විරුද්ධ නීතිමය පියවර ගත යුතුය.

මේ සිදුව ඇත්තේ, යුධ හමුදාව දෙමල ඉඩම් මන්කොල්ලකමක් නොකරන අතර, සිදුව ඇත්තේ යුධ හමුදාව විසින් පවතින ආණ්ඩුවේඋවමනාව මත තිස්ස විහාර සතු සාංගික දේපල / ඉඩම් – දෙමල ජනතාවට පැවරීමයි.

බෞද්ධ සම්මේලනය පැහැදිලිව තම ස්ථාවරය ඉඩම් සම්බන්දව යාපන දිස්ත්‍රික් ලේකම්ට හා වලිකාමන් ප්‍රාදේශීය ලේකම්ට ලිකිතනිත්‍යානු තත්වය පැහැදිලිව දන්වා ඇති අතර කිසිම හේතුවක් මත බුද්ධ සාසනයට අයත් ඉඩම් අන්සතු කල නොහැකි අතර පවතිනරජයන්ගේ උවමනාවන් මත සංහිදියාව නමින් හෝ බටහිර රටවල බලපෑම් මත මේ වන කොට විහාරයට අයත් ඉඩම් වලින් ලබා දී ඇති ඉඩම් වල පදිංචි කර ජනතාව වෙනත් ස්ථාන වල පදිංචි කොට විහාරයට සතු ඉඩම් වල බුක්තිය රාජ්‍යයේ ව්‍යවස්තානුකුලව රජයේ වගකීම වන අතර එම තත්වය උල්ලංගනය කිරීමට කිසිම දේශපාලන බල අධිකාරියකට, යුධ හමුදාවට හෝ කිසිම රාජ්‍ය නිලධාරියෙකුට කල නොහැක.

හිතාමතා වාර්ගික අගතිය (racial prejudice) බෞද්ධ සිද්ධස්ථානවලට කරන විනාශය 1983 ජුලි 20 දින එවකට සිටි සිරිල් මැතිවු Cyril Mathew ඇමති UNESCO පෙත්සමක් මගින් දන්වන ලදී.

ඊට අමතරව 1978 සන්සෝනි කොමිසම (Sansoni Commission) වාර්තාවේද උතුරු නැගෙනහිර බෞද්ධ සිද්ධස්ථාන වලට සිදු වනවිනාශය හේතුකොට ගෙන ඒවා ආරක්ෂා කිරීමට රජයට නිර්දේශ කරන ලදී. ඊට අමතර බෞද්ධ වන්දනාකරුවන්ව ආරක්ෂා දීමට පියවරගත යුහ්ටු බවට එම නිර්දේශයේ තව දුරටත් සදහන් කොට ඇත.

පාර්ලිමේන්තු වරප්‍රසාදවලට හැංගි මේ වන විට ගජෙන්ද්‍රකුම පොන්නම්බලම් මන්ත්‍රීවරයා මඩකලපුවේ දිවුල්පතානේ පාරම්පරික සිංහලජනතාව එම ප්‍රදේශවලින් පලවා හැරීමට උත්සාහ කරන ලදී.

අන්ත ජාතිවාදීන් වනුයේ ඔහු හා ඔහුගේ පියා හා ඔහුගේ සීයා මිස බෞද්ධ සම්මේලනයේ නිමල් චන්ද්‍ර වාකිෂ්ට නොවන බව ඉහත කරුණුවලින් පැහැදිලි වේ.

 

 

ශෙනාලි වඩුගේ

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *