පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් විපතට පත්වූවන්ට එවූ රුපියල් මිලියන 500 ආධාර අවිභාවිතා කළ බව ජනාධිපති සිරිසේනගෙන් කාදිනල්තුමාට චෝදනා

බොහෝ කලක සිට කාදිනල්තුමා, සමාජයට තමා අන් සියල්ලන්ට වඩා සුපිරිසිදු පුද්ගලයෙකු බව මවා පාවමින් සිටියත්ජනාධිපති සිරිසේනගේ චෝදනාවෙන් කතෝලික ප්‍රජාවත්, සාමාන්‍ය ජනතාවත් කුපිත වී ඇත. රුපියල් මිලියන 500ක ආධාරකතෝලික පල්ලියට එවූ බව කවුරුත් නොදැන සිටිහ.

රුපියල් මිලියන 500 ගැන පැවසු ජනාධිපති සිරිසේන, නිවැරදි බවත් දින කිහිපයකට පෙර කාදිනල්තුමාගේ ප්‍රකාශනයෙන්ඔප්පු විය. මෙම මුදල ගැන කතෝලික ප්රජාව දැන සිටියාද?

පාස්කු ඉරිදා ප්‍රහාරය වුයේ අප්‍රේල් 2019, දැන් ජුනි 2024 – අවුරුදු 5ක් අවසන්, කාදිනල්තුමා සහ කතෝලිකපල්ලිය මෙම මුදල රහසක් ලෙස තබා සිටියේ ඇයි?

ඔවුන්ගේ ක්ෂණික ප්‍රතිචාරය වූයේ දකුණු අත කරන දේ වම් අත නොදැන සිටිය යුතු බව බයිබලයේ පවසා ඇති බවයි. මෙය අතිශයෙන් බොළඳ පිළිතුරකි.මක්ද, කාදිනල්තුමා සහ කතෝලික සභාව අන් අයගෙන් වගවීම සහ විනිවිදභාවයඉල්ලන නිසාය.

කදිනල්තුමාට හා කතෝලික සභාවට මේ වගවීම සහ විනිවිදභාවය අදාළ නැතිද?

ජනාධිපති සිරිසේනගේ ප්‍රකාශයට අනුව මෙම රුපියල් මිලියන 500ක මුදල ජාත්‍යන්තර ආයතන, විවිධ දේශීය හා විදේශීයව්‍යාපාරිකයන්, දානපතියන් එවූ මුදල්ය. මෙම පුද්ගලයින් මුදල් එවන ලද්දේ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූවින්දිතයන්ට දීමට පමණි. ඔවුන් වගවීම සහ විනිවිදභාවය බලාපොරොත්තු නොවේද?

ජනාධිපති සිරිසේන කිවූ පරිදි, රජයෙන් එම ප්‍රහාරයෙන් මිය ගිය හා තුවාල ලැබුවන්ට දුන් මුදල් ආධාර/වන්දි, ගෙවල්සැදූ විස්ත්තර සියල්ලම මහජනතාවට නිකුත් කර ඇත.

අවුරුදු 5ක් අවසාන වෙලත් කාදිනල්තුමා හා කතෝලික පල්ලිය තවමත් ඔවුන්ට ලැබූ මුදල් ආධාර මහජනතාවටවත්ආධාර දුන් පුද්ගලයින්ටවත් නිකුත් කර නැත. මෙය ඉතා කනගාටුදායික කරුණකි. පල්ලිය විනිවිධභාවයකින් වැඩ කරනබව අප සිතු නමුත්, එම අදහස වෙනස් කිරීමට දැන් සිදු විය.

දැන්වත්, දේශපාලන කුමන්ත්‍රණ න්‍යායන් ගැන රට හා ලෝකය පුරා දෝශාරෝපනය නොකර මෙම රුපියල් මිලියන 500 කෙසේද බෙදුවේ යැයි ප්‍රසිද්ධ කලොත් හොඳයි නේද?

ජනාධිපති සිරිසේනගේ චෝදනාවෙන් අනතුරුව කාදිනල්තුමා කඩිමුඩියේ ප්‍රවුර්ති ප්‍රකාශයක් කරමින් කියා සිටියේ රුපියල්මිලියන 500යෙන් රුපියල් මිලියන 460ක් වින්දිතයන්ට ගෙවා ඇති බව. වින්දිතයන් කිහිප දෙනෙක්ගෙන් ඔවුන්ට රජයෙන්නොව පල්ලියෙන් ලැබූ මුදල අසා දැනගැනීමෙන් මෙම ප්‍රකාශනයේ සත්‍ය අසත්‍යභාවය හෙළිවේ.

ජනාධිපති සිරිසේනට බැණ නොවැද, රුපියල් මිලියන 500 වියදම් කර ඇත්තේ කෙසේද යන්න දැන්වත් ප්‍රසිද්ධ කලොත්හොදයි නේද?

බයිබලයේ කොතැනක හරි කියා සිටිනවද සත්‍ය, වගවීම හා විනිවිදභාවය අත්‍ දෙක නොදනගතයුතු බවට හෝ කතෝලිකප්‍රජාව නොදැන සිටිය යුතුබව?

මුදල් ආධාර පිළිබද විස්ත්තර සියල්ල කාදිනල්තුමා හා පල්ලියේ ඇති බවත් එය සවිස්රාත්මකව ප්‍රසිද්ධ කරන බවත් පැවසුකාදිනල්තුමා හා කතෝලික පල්ලිය,

මෙම රුපියල් මිලියන 500ක බෙදාහැරියේ කෙසේද කාදිනල්තුමා කවදා ප්‍රසිද්ධ කරන්නේ යැයි අපි නොඉවසිල්ලෙන් බලාසිටිමු

ෂෙනාලි වඩුගේ

You may also like...

Leave a Reply

Your email address will not be published. Required fields are marked *